මගේ අක්කාගේ නම අක්කාය ඇය මට වඩා වැඩිමල්ය. අක්කා ස්ත්‍රීයකි.ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වුවානම් ඇගේ නම අයියාය ලෙස වෙනස්වේ.අක්කාගේ කාමරය මගේ එකට වඩා පිළිවෙලය . තාත්තා කියන පරිදි ඇය අපේ ගේදරට පහනකි .අපේ ගෙදර පහන හැමදාම ගිනිගනී . ඒ නිසා තාත්තාගේ කතාව ඇත්තය.
තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ අක්කාටය.ඇගේ හිසට ෂැම්පුද,හිස්කබලට තෙල්ද , අතේ හා පයේ ඇගිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත.බැරිවෙලාවත් ඇයට හැකරල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුනානම් අපේ තාත්තාට යන්න වෙන්නේ හොම්බෙන්ය. අක්කාගේ මූනට ඒක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව ඒකකි අතට , කකුලට , බඩට , කටට , පිටට ආදී සකල විද සර්වංගයටම ඇයට ක්‍රීම් ඇත . දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරි වී යෝගට් කියා කැවුනාය . මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවටය.අක්කාට එක එක තැනට එක එක ක්‍රීම් තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්යකි. ඒ

ෂේවින් ක්‍රීම්ය . මම හිසේ සිට පය දක්වා එය උලාගෙන අහවර ඌ පසු අක්කාගේ Baby Cream ගා සවුල බාගන්නේය. නමුත් Baby Cream ගාන්නේ බබලාය නමුත් පුත්තලම් බූරුවන් 7 ත් 8 දෙනෙකුගේ වයස ඇති අක්කා බබෙකු උයේ කෙසෙදැයි මම දහ අතේ කල්පනා කල්පනා කරන්නේය. 

අපි කැරට් කන්නේය නමුත් අක්කා කැරට් බොයි .මුං ඇට මූනේ ගායි .මීකිරි,දෙහි,අලිගැටපේර යනාදී ඕන අටමගලයක් මූනේ උලයි. අපේ කිටියා වඩාත්ම කැමති අක්කා මූනේ යෝගට්  හෝ මීකිරි ගානවාටය එදාට අක්කාගේ මූන හෝදන්නේ කිටියාය .අනික තාත්තා නැහීගෙන හම්බකරගෙන අපට කන්න අරගෙන එන හැම හත් තිලවුවක්ම අක්කා මූනේ උලයි. අම්මා පිපින්නා සලාදයක් හදන දවසට සලාදයේ පිපින්නා නැත එවා ඇත්තේ අක්කාගේ මූනේ ඇස් උඩය . එදාට අපි බත් මාලු බෙදාගෙන අක්කාගේ ඇස් උඩ ඇති පිපින්නා පෙති දෙකක් පිගානට දමාගත යුතුය.එදාට අපි කබ සහ කුරුලෑ සාරු සමගම පිපින්නා කන්නේය.

අක්කා දිනපතා සැලුනයට යයි .කළාතුරකින් පාසල් යයි. සැලූනයට ගොස් මුනට පෙෂල් කරයි,අතේ පයේ මයිල් ස්මයි වනතුරු ගලවයි මුනේ වලවල් නැත අත්තේ ආවටය සැලූනයේ අක්කා  මුනට පොටිදමා අනතුරුව ගැටේ වැලිකඩදසියෙන් කපා එකසිය විස්සේ වැලිකඩදසියෙන් ඔපදමයි .ආ මම අක්කාට මංගල දැන්වීමක් මම දැන්ම ලියා ලැමිනේට් කරගෙන සිටිමි......

                  "රූමත්    ගුණවත්    නූගත්    දියණියට    සිකුරුත්තන්    ඉවසිය    හැකි
                    ගොබ්බ , මෝඩ තකතීරු බයාදු විලිබියකින් තොර කෝටිපති ව්‍යාපරික
                    පුතෙකු    අසරණ    මවුපියන්    සොයයි    වැන්දබු   උවාට   කම්නැත."